අද වෙනකොට ගොඩක් අය අන්තර්ජාලය භාවිතා කරනවා.අන්තර්ජාලය දැන් අපට නැතිවම බැරි දෙයක් බවට පත් වෙලා තියනවා.අන්තර්ජාලය භාවිතා කරන ගොඩක් දෙනෙක් හරියට දන්නෙ නෑ මෙහි සිදුවන කාර්යය.වෙබ් පිටුවක පිටතින් පෙනෙනවට වඩා සංකීර්ණ දෙයක් ඇතුලතින් සිදුවෙනවා.අපි බලමු කොහොමද වෙබ් පිටුවක් අපිට දර්ශණය වෙන්නෙ කියල.
අපි වෙබ් බ්‍රව්සර් එකක් භාවිත කරලනෙ වෙබ් අඩවි වලට යන්නෙ.අපිට යන්න ඕන වෙබ් අඩවියෙ Address එක Address Bar එකේ ගහල Enter කලාම අදාල වෙබ් අඩවිය වෙබ් බ්‍රව්සර් එකේ Display වෙනවා.මේ වෙබ් අඩවි ගබඩා වෙලා තියෙන්නෙ ලෝකයේ විවිධ තැන්වල තියන සේවා සැපයුම් පරිගණක හෙවත් Servers වලයි.මෙහිදී සිදුවන්නේ යම් වෙබ් අඩවියකට යාමට අප විසින් වෙබ් බ්‍රව්සර් එකෙන් ඉල්ලීමක් අදාල වෙබ් අඩවිය ඇති Server පරිගණකයට යැවීමයි.
Server පරිගණක විසින් එම ඉල්ලීම පිලිගත්තේ නම් අදාල වෙබ් පිටුව වෙබ් බ්‍රව්සර් එක මගින් ප්‍රදර්ශනය කරනවා.මෙහිදී අදාල වෙබ් පිටුවේ පිටපතක් තමයි Server පරිගණකය මගින් අපට එවනු ලබන්නේ.මෙම ක්‍රියාවලියට ගතවන කාලය අන්තර්ජාල සේවා සපයන්නා (Internet Service Provider – ISP) මගින් ලබා දෙන වේගය අනුව වෙනස් වෙනවා.
අපි දැන් බලමු කොහොමද මේ වෙබ් පිටු හැදිල තියෙන්නෙ කියලා.
වෙබ් පිටුවක් හැදිල තියෙන්නෙ කේත (Codes) ගොඩක් එකතු වීමෙනුයි.අපගේ වෙබ් බ්‍රව්සර් එක මගින් තමයි මේ කේත සියල්ලම වෙබ් පිටුවක් බවට පරිවර්තනය කරලා අපට පෙන්වන්නේ.වෙබ් පිටුක ඇති කේත බැලීමට Ctrl+U එබීමෙන් හෝ වෙබ් පිටුව මත Right Click කර View Page Source යන්න ක්ලික් කිරීමෙන් වෙබ් පිටුවක ඇති කේත අපට බලා ගැනීමට හැකි වෙනවා.අද වන විට කේත ටයිප් කිරීමෙන් වෙබ් පිටු සෑදීම සිදුවන්නෙ නැති තරම්.වෙබ් පිටු සෑදීම පහසු කිරීම සදහා නොයෙකුත් උසස් ගණයේ මෘදුකාංග අද වනවිට නිපදවා තිබෙනවා.වෙබ් අඩවි නිර්මාණය සදහා විවිධ භාෂාවන් යොදාගනු ලබනවා.පහලින් දීල තියෙන්නෙ එම භාෂාවන් ටික
- HTML – Hyper Text Markup Language
- CSS – Cascading Style Sheet
- JS – Java Script
- JQuery
- Ajax – Asynchronous Java Script And Xml
- PHP – Hypertext Pre Processor
- ASP – Active Server Pages
- JSP – Java Server Pages




0 comments:
Post a Comment