Friday, August 14, 2015

ඕනම Web Site එකක Style Sheet එක පටස් ගාල Save කරගන්න කැමතිද?



 ඔන්න මම අද Web Designing කරන අයට වැදගත් වෙන පොඩි Trick එකක් අරන් ආවා.මම අද කියන්න යන්නේ ඕනම වෙබ් අඩවියක තියන Style Sheet එකක් කොහොමද අපේ PC එකට Save කරගන්නෙ කියලා.Web Site එකක ලස්සන රැඳිල තියෙන්නෙ මේ Style Sheet එකෙන් කියන එක දන්නවනෙ නේද?


එහෙනම් වැඩි කතා නැතුව අපි බලමු නේද කොහොමද මේ Style Sheet එක Save කරගන්නෙ කියලා.ආ තව පොඩ්ඩෙන් අමතක වෙනවා.මේ විදියෙන් අපට Style Sheet එක Edit කරල එවෙලෙම Result එක බලාගන්න පුළුවන් වෙන එකත් මේකෙ තියන ගොඩක් වටින දෙයක්.මේ වැඩේට වෙන වෙන Software ඕනෙ වෙන්නෙ නෑ.අපි පාවිච්චි කරන Web Browser එකෙන්ම තමයි මේ වැඩේ කරන්න තියෙන්නෙ.එහෙනම් බලමු මේක කරන්නෙ කොහොමද කියලා..


දැන් මුලින්ම ඔයාට Style Sheet එක Save කරගන්න ඕන Site එකට යන්න.
ඊට පස්සෙ Right Click කරල Inspect Element කියන එන ක්ලික් කරන්න.Right Click Disable කරල තිබුනොත් Keyboard එකේ F12 button එක ක්ලික් කරන්න.එතකොට පහල රූපයෙ තියනව වගේ එකක් ඕපන් වෙයි.



 ඒකෙ දකුණු පැත්තෙන් ඒ වෙලාවෙ active වෙලා තියල Style Sheet එකේ ID/Class එක පෙන්වනවා.වම් පැත්තෙන් තියන html code ක්ලික් කරල ඒ html tag එකට අදාල Style එක බලාගන්න පුළුවන්.ඒ වගේම edit කරල බලන්නත් පුළුවන්.උඩ පින්තූරෙ ලකුණු කරල තියන තැන Style sheet එකේ නම පෙන්වනවා.ඒක ක්ලික් කරාම පහල රූපයෙ විදියට ඒකට අදාල Style Sheet එක ලෝඩ් වෙනවා.


ඊට පස්සෙ වම් පැත්තෙ තියනව ඒ සයිට් එකට ලින්ක් වෙලා තියන Style Sheet සේරම ටික.ඔයාට ඕන Style Sheet එක උඩට mouse එක ගෙනියපුවාම උඩ පින්තූරෙ ලකුණු කරල තියන විදියට Save කියල පෙන්වනවා.ඒක ක්ලික් කරල ඔයාට Style Sheet එක Save කරගන්න ඕන තැන තෝරල Save කරගන්න විතරයි තියෙන්නෙ.


එහෙනම් කට්ටිය try කරල බලල හොඳ නරක කියන්නකෝ.ප්‍රශ්ණ තියන ඒවත් අහන්න.එහෙනම් තවත් අලුත් වැඩකින් හමුවෙමු.ජය වේවා…..!

0 comments:

Post a Comment